අපගේ වෙබ් අඩවිය නිර්මාණය කරමින් පවතී. ඔබ සීට්ටු කරන අයෙක්නම් ඔබගේ අදහස් මේ වෙනුවෙන් ලබාදෙන්න. සාමාජිකයින්ගේ අවශ්‍යතාවය මත තමයි අප මේ නිර්මාණය සිදුකරන්නේ. ඔබට සීට්ටු වලදී ඇතිවෙන ප්‍රශ්න ගැන අපිට කියන්න. 100%ක් විසදුමක් දෙන්න නොහැකි වුනත් අපි ඇතිවෙන ප්‍රශ්න අවම කරන්න අපගේ පද්ධතිය නිර්මාණය කරනවා. උදා: සීට්ටු වලදී ඔබට ලොකු නීතිමය සහයක් ගන්න බැහැ, මන්ද ඒ පිළිබඳව නියමාකාරයෙන් නීතියක් නොමැති නිසා. නමුත් අඩුම තරමින් ඔබට නිවරදිව තොරතුරු තිබේනම් "විශ්වාසය කඩ කිරීම" මත හෝ ඒ පිළිබඳව පොලිසියෙන් සහය ගන්න උත්සාහ කරන්න පුළුවන්. සීට්ටු වංචා වලදී සහය ලබාගන්නා ආකාරය සහ මුල්‍ය වංචා වලදී සහය ලබාගත හැකි ආයතන (පොලිසිය, නීති ආධාර කොමිෂන් සභාව වැනි) පිළිබඳව විස්තර, Article, සම්බන්ධ කරගන්න පුළුවන් ආකාරය ආදිය තොරතුරු ඉදිරියේදී මේ හරහා ලබාගන්න පුළුවන්. කෙසේ නමුත් අපට කරන්න පුළුවන් අපගේ තාක්ෂණික දැනුම මත මේ වෙනුවෙන් නව නිර්මාණයක් කරන්න පමණයි. සීට්ටු වංචාකාරයින් පිළිබඳව දැනුවත් කිසිම සහ තොරතුරු ලබාදීමටනම් අනිවාර්යයෙන් අපට මහජන සහය අවශ්‍ය වෙනවා. විවිධ ෆේස්බුක් ගෘප් වල සහ ප්‍රොෆයිල් වල ඇති වංචාකාරයින් පිලිබඳ තහවුරු කරන ලද තොරතුරු ඔබට වෙබ් අඩවියේ පලකරන්න පුළුවන්. ෆේස්බුක් වල යම් දෙයක් සෙවීම් කරනවාට වඩා පහසුවෙන් අපගේ වෙබ් අඩවියේ සෙවීම් කරන්න පුළුවන්. සිට්ටුවකට කෙනෙක් සම්බන්ධ කරගැනීමට පෙර හෝ යමෙක්ගේ සිට්ටුවකට සම්බන්ධ වීමට පෙර අපගේ වෙබ් අඩවිය පරික්ෂා කර බැලීමෙන් වංචා වලට අසුවීම තරමක් දුරට අඩු කරගන්න පුළුවන්. එය අප සතුව ඇති වංචාකරුවන්ගේ විස්තර ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. තොරතුරු ලබාගැනීම සහ වංචා කරුවන් පිලිබදව තොරතුරු අනෙක් අය දැනුවත් කිරීම නොමිලයේත්, ඔබට ඔබගේ සීට්ටුව වෙනුවෙන් ස්වයංක්‍රිය පද්ධතිය (සීට්ටු 2.0 Seettu Management System) ලබාගැනීම මුදල් ගෙවාද සිදුකරගන්න පුළුවන්. වැඩි විස්තර සඳහා අමතන්න 0701101010